රණවිරු සේවා අධිකාරිය සුභසාධන ක්‍රියාමාර්ග හඳුන්වා දෙයි

දෙසැම්බර් 07, 2020

රණවිරු සේවා අධිකාරියේ අනුග්‍රහයෙන් INSEE සිමෙන්ති සමාගම අද (දෙසැම්බර් 07) ආරක්ෂක අමාත්‍යාංශයේ සහන මිලක් යටතේ හමුදා නිලධාරීන්ට සිමෙන්ති ලබා දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, රණවිරු සේවා අධිකාරියේ සභාපති   මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර , INSEE සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ඒකනායක, ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවේ සුභසාධන අධ්‍යක්ෂවරුන් සහ INSEE සිමෙන්ති කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

මෙහිදී INSEE සිමෙන්ති සමාගම ලබා දුන් සහයෝගය පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා අගය කළේය.