ගුවන් හමුදාවේ 8 වැනි බලඇණිය මධ්‍යම අප්‍රිකානු ජනරජයේ
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා පිටත් වේ

දෙසැම්බර් 05, 2022

ගුවන් හමුදාවේ 8 වැනි බලඇණිය මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා ඊයේ (දෙසැම්බර් 04) ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.

විවිධ වෘත්තිකයින් නියෝජනය කරන නිලධාරින් 20 දෙනෙකුගෙන් සහ ගුවන්භටයින් 89 දෙනෙකුගෙන් සමන්විත ගුවන් හමුදා බලඇණිය මෙහෙය වනු ලබන්නේ නියෝජ්‍ය අණදෙන නිලධාරී විංග් කමාණ්ඩර් කාංචන ලියනාරච්චි විසිනි.