ශ්‍රී ලංකාව සෙනගාල සමඟ ආරක්‍ෂක සබඳතා වැඩි දියුණු කිරීමට පියවර

දෙසැම්බර් 06, 2022

සෙනගල් ජනරජයේ යුධ, නාවික සහ ගුවන් උපදේශක Col. Abdoulaya Traore අද (දෙසැ 06) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව, ආරක්‍ෂක ලේකම්, Col. Traore සමඟ ද්විපාර්ශ්විකව වැදගත් සහ අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.

සෙනගාල් හමුදා නිලධාරීන් සඳහා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සහ ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු අවස්ථා අඛණ්ඩව පවත්වාගෙන යාමේ සහ වැඩිකිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.