රණවිරු සේවා අධිකාරියෙන් සුව සායන වැඩසටහනක්

දෙසැම්බර් 27, 2022

රණවිරු සේවා අධිකාරිය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන "හෙළවිරු සුව ධරණී" සුව සායන වැඩසටහන් මාලාවේ තවත් අධියරක් පසුගියදා මාතලේ අලුවිහාරය විහාරස්ථානයේ දී පවත්වන ලදි.

මාතලේ අලුවිහාරය රණවිරු ගම්මානයේ සහ මාතලේ රණවිරු සංසදයේ සාමාජිකයින් 130 කට අධික පිරිසක් මේ සඳහා සහභාගීවූ බව රණවිරු සේවා අධිකාරිය පැවසීය.

දේශීය කායික පෝෂණය හා මානසික පෝෂණය සම්බන්ධව රණවිරු ප්‍රජාව දැනුවත් කිරීම සහ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් රණවිරුවන් පරීක්‍ෂා කර ප්‍රතිකාර ලබාදීමද වැඩසටහනට ඇතුලත් විය.

රණවිරු සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනි තනුජා දර්ශණී මහත්මිය, මාතලේ  ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නයෝමි සේනානායක මහත්මිය ඇතුළු වෛද්‍යවරුන් තිදෙ‌නෙක් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ විය.