යුද හමුදාවෙන් කුඹුරුපිඩ්ඩි ගම්මානයට නව ප්‍රතිආශ්‍රැත
ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

ජනවාරී 01, 2023

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා නව ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පසුගියදා ඉදිකරන ලදි.

17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරී මේජර් P.G.L හේමකුමාර ගේ ඉල්ලීම පරිදි හොරණ “Bodyline (Pvt) Ltd Company Ltd” හි හිමිකරු චතුර කුලරත්න මහතා විසින් ලබා දුන් රුපියල් මිලියනයක නොමසුරු අනුග්‍රහය හේතුවෙන් පවුල් 500 කට සෙත සැලසෙන මෙම ව්‍යාපෘතිය නිම කිරීමට හැකිවූ බව යුද හමුදාව පැවසීය.

මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට ‘Bodyline (Pvt) Ltd’ සමාගමේ නියෝජිතයින්, යුද හමුදා නිලධාරීන්, සෙසු නිලයින් සහ ගම්වාසීන්ගේ සහභාගී වූහ.