ඩකා හි පැවැති 4 වැනි දකුණු ආසියානු Sepak Takraw තරගාවලියේදී ලෝකඩ පදක්කම් 5ක් යුද හමුදා ක්‍රීඩකයින් දිනා ගනී

ජනවාරී 03, 2023

ජාතික Sepak Takraw සංචිතය නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගියදා බංගලාදේශයේ ඩකා නුවර පැවති 4 වැනි දකුණු ආසියානු Sepak Takraw තරඟාවලියට සහභාගි වී ලෝකඩ පදක්කම් 5ක් දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් පස් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් තිදෙනෙකු තරග වැදුණු බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.