ශ්‍රී ලංකා හෙද සභාව විසින් පිළිගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය හෙද උපාධිය

ජනවාරී 09, 2023

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන හෙද විද්‍යාවේදී උපාධිය ශ්‍රී ලංකා හෙද සභාව විසින් පිළිගැනීමට ලක් කර ඇත.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය මාධ්‍ය මූලාශ්‍රවලට අනුව  සම සෞඛ්‍ය විද්‍යා පීඨය විසින් පිරිනමනු ලබන හෙද විද්‍යාවේදී උපාධිය මේ වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පිළිගැනීමට ලක් කර ඇත.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ හෙද හා පවුල් සෞඛ්‍ය  සේවා අධ්‍යයන දෙපාර්තමේන්තුව, හෙද අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා හෙද සභාව පිළිගත් පුහුණු ආයතනයක් ලෙස පිළිගැනෙන අතර එමගින් හෙද උපාධිධාරීන් සඳහා පිරිනැමෙන හෙද විද්‍යාවේදී උපාධි සහතිකය ශ්‍රී ලංකා හෙද සභාවේ ලියාපදිංචිය සඳහාද පිළිගනු ඇත.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය 2013 වසරේ සිට වසර 4ක විද්‍යාවේදී හෙද (ගෞරව) උපාධියක් පිරිනමයි. ශ්‍රී ලංකා හෙද සභාව ශ්‍රී ලංකාවේ හෙද පුහුණුව නියාමනය කරන වෘත්තීය ආයතනයයි.