යාපනයේ ක්‍රිකට් ක්‍රීඩිකාවකට යුද හමුදාවෙන් නව නිවසක්

ජනවාරී 11, 2023

වයස 19 න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයේ සාමාජිකාවක් වන යාපනයේ චූලිපුරම් වික්ටෝරියා විද්‍යාලයේ ඉගෙනුම ලබන සෙල්වරාසා කිරිස්ටිගා මෙනෙවියට ජාතික මට්ටමේ මෑත කාලීන ජයග්‍රහණ අගයමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නව නිවසක් ඉදිකර දෙන ලදී.

තියාහි පුණ්‍යායතනයේ සහ චුල්ලිපුරම් කෝවිල් භාරකාුවන්ගේ අනුග්‍රහය ඇතිව යුද හමුදාව විසින් මෙම නිවස ඉදිකර ඇත.

ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර තියහි පුණ්‍යායතනයේ නිර්මාතෘ සහ සභාපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා විසින් ප්‍රදානය කරන ලද අතර නිවස ඉදිකිරීම සඳහා චුල්ලිපුරම් කෝවිල භාරකාර මණ්ඩලය විසින් ඉඩම පරිත්‍යාග කළ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 51 වන සේනාංකයේ 16 වන ගැමුණු හේවා බලකායේ, 513 පාබල බලසේනාවේ භට පිරිස් වල ශ්‍රම දායකත්යවයෙන් සහ විශේෂඥතාවයෙන් මෙම ව්‍යාපෘතියට දායකත්වය ලබා දුන් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

නව නිවසෙහි යතුරු කිරිස්‌ටිගා මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත ප්‍රදානය කිරීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයන්, අනුග්‍රාහකයින් සහ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විනි.