ප්‍රථම කාන්තා ජාත්‍යන්තර මල්ලවපොර විනිසුරුවරිය
ශ්‍රී ලංකා ගුවන් හමුදවෙන්

ජනවාරී 16, 2023

ශ්‍රී ලංකාවෙන් බිහි වූ  ප්‍රථම ජාත්‍යන්තර මල්ලවපොර තීරකවරිය,  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් පියුමි ලක්ෂිකා පසුගියදා කාම්බෝජයේ පැවති ජාත්‍යන්තර මල්ලවපොර තීරක I මට්ටමේ ඔලිම්පික් III කාණ්ඩයේ තරඟාවලියට සහභාගී විය.

2012 නොවැම්බර් 12 වැනි දින ගුවන් හමුදාවට එක් වූ කෝප්‍රල් ලක්ෂිකා 2016 වසරේදී ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායමට තේරී පත්වූ අතර, ඉන් අනතුරුව ඇය ශ්‍රී ලංකාවේ ජාතික විනිසුරු පාඨමාලාවක් ද හැදෑරූ බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

තවද කෝප්‍රල් ලක්ෂිකා සිය බර පංතියෙන් රන් පදක්කම් කිහිපයක් දිනාගෙන ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශ කරයි