ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට
සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක්

ජනවාරී 17, 2023

ආරක්‍ෂක අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අංශය විසින් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සඳහා සයිබර් ආරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (ජනවාරි 17) අමාත්‍යාංශයේදී සංවිධානය කරන ලදි.  

ශ්‍රී ලංකා යුද හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සජිත් ලියනගේ සහ 12 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී කර්නල් කේ.වී.පී. ධම්මිකගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා සයිබර් ආරක්‍ෂණ ඒකකයේ කණ්ඩායමක් විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදි. විවිධ ආකාරයේ සයිබර් ප්‍රහාර සහ එවැනි අවස්ථාවන්හිදී අනුගමනය කළ යුතු වැළැක්වීමේ පියවර පිළිබඳව මෙහිදී දේශණ පවත්වන ලදි.

අතිරේක ලේකම් - සිවිල් ආරක්‍ෂක සහ සංවර්ධන සමන් දිසානායක මහතා, අධ්‍යක්ෂ ‌ජෙනරාල් - සැලසුම් අනුර රණසිංහ මහතා, වැඩබලන අතිරේක ලේකම් - තාක්ෂණික ඉංජිනේරු ඩබ්ලිව් ආර් එන් ආර් ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ප්‍රධාන මූල්‍ය නිලධාරී (ii) ඩී.එස් පද්මසිරි මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සන්නිවේදන උපදේශක බ්‍රිගේඩියර් අශෝක ගුණසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය මෙම සැසියට සහභාගි වූහ.