යාපනයේ ගැබිනි කාන්තාවන් වෙත වියළි සලාක ලබාදේ

ජනවාරී 18, 2023

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්  විසින් යාපනය කොඩිකාමම්, උඩුප්පිඩ්ඩි සහ වලෙයි ප්‍රදේශවල පදිංචි තෝරාගත් ගර්භනී කාන්තාවන් සඳහා වියළි සලාක ලබාදීමේ වැඩසටහනක් පසුගියදා (ජනවාරි 14) සංවිධානය කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 52 වන පාබල සේනාංකයේ 521 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී වියළි සලාක මළු 20 ක් ප්‍රදානය කළ බව යුද හමුදා මාධ්‍ය සඳහන් කළේය.   

521 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඉන්දික පෙරේරා ගේ මගපෙන්වීම යටතේ සහ අනුග්‍රහක භවතුන්ගේ සහාය ලබාගනිමින් මෙම වැඩසටහන දියත් කරන ලදී.