දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ මියගිය රණවිරුවන් වෙනුවෙන් සැමරුම් ස්මාරකයක්

ජනවාරී 19, 2023

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය රණවිරු සංසද සාමාජිකයන්ගේ සංවිධානයෙන්  දෙහිඅත්තකණ්ඩිය ඔරලෝසු කනුව අසල ඉදි කිරිමට නියමිත රණවිරු  ස්මාරකයට  මුල් ගල් තැබිම ඊයේ (ජනවාරි 18) සුභ මොහොතින් සිදුකරන ලදී.

මව්බිම වෙනුවෙන් ජීවිත පූජා කලදෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ රණවිරුවන් වෙනුවෙන් ඉදිකිරීම අරම්භ කරන ලද මෙම ස්මාරකයේ සමාරම්භක අවස්ථාවට දෙහිඅත්තකණ්ඩිය බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභාවේ  සභාපති, මහවැලි අධිකාරියේ නිලධාරීන්, දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සහභාගි විය.

තවද රණවිරු සංසද නියෝජනය කරන නිලධාරීන් ඇතුළු සාමාජිකයන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.