කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයේ අවසන් වසර ව්‍යාපෘති ප්‍රදර්ශනය

ජනවාරී 24, 2023

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පර්යේෂණ අංශය විසින් සංවිධානය කරන ලද අවසන් වසර ව්‍යාපෘති ප්‍රදර්ශනය පසුගියදා ඉංජිනේරු පීඨයේදී පැවැත්විණි.  

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එහි උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් සහභාගි විය.

මෙම ව්‍යාපෘති ප්‍රදර්ශනය මගින් අවසන් වසරේ ඉංජිනේරු සිසුන්ගේ විශිෂ්ඨ පර්යේෂණ සොයාගැනීම් කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්‍ෂා කරන බව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පවසයි.

විවිධ විශ්වවිද්‍යාලවල ජ්‍යෙෂ්ඨ විද්වතුන් සහ ක්ෂේත්‍රය නියෝජනය කරන වෘත්තිකයන් ද ඇගයීම් මණ්ඩලයට පැමිණ සිටියහ.

පීඨාධිපතිවරුන්, අධ්‍යක්‍ෂවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, මහාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ඉංජිනේරු පීඨයේ විද්වතුන් ද මේ සඳහා සහභාගි වූහ.