යුද හමුදා භට පිරිස් වේරගම වෙල්යායේ ගින්න නිවා දමයි

පෙබරවාරි 02, 2023

ශ්‍රී ලංකා යුද හමුදාවේ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සිටින හමුදා භට පිරිස්, කළුතර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ සිවිල් වැසියන් එක්ව වේරගම වෙල්යායක හටගත් ගින්න පැතිරීම පාලනය කිරීමට ක්‍රියාකර ඇත

වාද්දුව ප්‍රදේශයේ සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරකට අනුව 612 පාබල බලසේනාවේ 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බළකා සාමාජිකයින් ද කඩිනමින් එම ගින්න නිවා දැමීමට සහභාගී වූ බව ශ්‍රී ලංකා යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.