රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 09, 2020

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටේරි මහතා අද (දෙසැම්බර් 09) අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.

මෙම සැසිවාරයේදී ආරක්ෂක ලේකම් සහ තානාපතිවරයා අතර ද්විපාර්ශ්විකව වැදගත් කරුණු  පිළිබඳව සුහද සාකච්ඡාවක් සිදුවිය.

මෙම අවස්ථාවට  ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ෂකෝඩා මහතා ද සහභාගී විය.

මෙම සාකච්ඡාවට ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර  සහ අතිරේක ලේකම් (ආරක්ෂක) පී.බී.එස්.සී. නොනිස් යන මහත්වරු සහභාගී වූහ.