සෞදි අරාබි ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පෙබරවාරි 02, 2023

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Staff Brig. Gen. (Dr.) Mohammad Essa H Alhrbi  මහතා අද (පෙබ 02) ආරක්‍ෂක අමාත්‍යාංශ සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ආරක්‍ෂක උපදේශකවරයා ජෙනරල් ගුණරත්න විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර එහිදී දැනට පවතින ආරක්‍ෂක සහයෝගීතාව සහ පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම සම්බන්ධ කරුණු සාකච්ඡාවට ලක් කරන ලදි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද සහභාගී විය.