බංගලාදේශ සහ නේපාල විදේශ අමාත්‍යවරු ශ්‍රී ලංකාවට පැමිණේ

පෙබරවාරි 02, 2023

බංගලාදේශයේ සහ නේපාලයේ විදේශ අමාත්‍යවරුන් අද (පෙබ‍රවාරි 02) දිවයිනට පැමිණෙන ලදි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් බංගලාදේශ විදේශ අමාත්‍ය ගරු ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන් සහ නේපාල විදේශ අමාත්‍ය ගරු ආචාර්ය බිමලා රායි පෞද්‍යාල් අද සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පිළිගන්නා ලදි.

සෙනසුරාදා (පෙබරවාරි 04) පැවැත්වෙන 75 වැනි නිදහස් සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා මෙම සම්භාවනීය අමුත්තන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.