අයිවරි කෝස්ට් තානාපති ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

පෙබරවාරි 03, 2023

අයිවරි කෝස්ට් තානාපති අතිගරු Eric Camille N'dry මහතා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (පෙබ 03) කොළඹ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා තානාපතිවරයා සමඟ ද්විපාර්ශ්වික වැදගත්කම සහ අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.

මෙම හමුව සඳහා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානාරච්චි මහතා ද සහභාගී විය.