තුර්කි ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පෙබරවාරි 03, 2023

ශ්‍රී ලංකාව වන සඳහා තුර්කි ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සර්වෙට් ඔකුමස් අද (පෙබ 3)  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව, ආරක්‍ෂක ලේකම්වරයා දෙරට අතර ද්විපාර්ශ්වික වැදගත්කම සහ අන්‍යෝන්‍ය වශයෙන් අදාළ වන කරුණු පිළිබඳව තුර්කි ආරක්‍ෂක උපදේශකවරයා සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.

මෙහිදී දෙරට අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා පිළිබඳව සිහිපත් කෙරුණු අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

එම අවස්ථාව සනිටුහන් කරමින් නිලධාරීන් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ඉන්දියාවේ පිහිටි තුර්කි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක හෙට (පෙබ 4) දින ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සැමරුමට සහභාගී වීමටද  නියමිතය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාරද මෙම හමුවට සහභාගි විය.