නිදහස් දින පෙළපාලිය ආරක්‍ෂක අමාත්‍යාංශ‌යේ පැසසුමට

පෙබරවාරි 04, 2023

ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික නිදහස් දින සැමරුම “නමෝ නමෝ මාතා සියවසට පියවරක්” යන තේමාව යටතේ අද (පෙබ 04) දින කොළඹ ගාලුමුවදොර පිටියේදී ශ්‍රී ලාංකීය ජාතියේ අභිමානය විදහා දක්වමින් සාර්ථකව පවත්වන ලදි.

ජාතික නිදහස් දින උත්සවය සාර්ථකව නිම කිරීම වෙනුවෙන් දැවැන්ත කැපවීමකින් යුක්තව විශිෂ්ට නායකත්වයක් පෙන්නුම් කල ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ආරක්‍ෂක, අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙරළාරක්‍ෂක, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි සහ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ යන නිළධාරීන් වෙත ආරක්‍ෂක අමාත්‍යාංශය සිය ප්‍රශංසාව පුද කරයි.

තවද, ආරක්‍ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන්, විධායක ජෙනරාල් (යුද හමුදාව), පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ (යුද හමුදාව), අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන (නාවික හමුදාව), අධ්‍යක්ෂ ජෙනරාල් භුමි මෙහෙයුම් (ගුවන් හමුදාව), ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ඉහළ තරාතිරම්වල නිලයන්ගේ සිට සියලු නිලයන්, පාසල් ශිෂ්‍යභටයින් සහ පාසල් දරු දරුවන් විසින් මෙම ජාතික කර්තව්‍ය සඳහා දක්වන ලද දැවැන්ත කැපවීම සහ ඉමහත් දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනමයි.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඉහළ අහසේ ලෙළදීමට සහය දුන් සැම දෙනා වෙත විශේෂ ස්තූතිය හිමිවේ.