කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල උපාධි අධ්‍යයන පීඨයට
විද්‍යුත් පුස්තකාලයක්

පෙබරවාරි 09, 2023

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් පසුගියදා උපාධි අධ්‍යයන පීඨ පරිශ්‍රයේ විද්‍යුත් පුස්තකාලයක් (e-Library) ආරම්භ කරන ලදි.

නව විද්‍යුත් පුස්තකාලය මඟින් පුළුල් පරාසයකින් යුත් විද්‍යුත් පොත්, ලිපි, සඟරා, වීඩියෝ සහ ප්‍රශ්න පත්‍ර සඳහා පිවිසිය හැකි වනු ඇති බව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය ආරංචි මාර්ග පවසයි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක සහ පරිපාලන) බ්‍රිගේඩියර් චින්තක වික්‍රමසිංහ,  පීඨාධිපතිවරුන්, අධ්‍යක්‍ෂවරුන් සහ වැඩසටහන් සම්බන්ධීකාරකවරුන් සමාරම්භක උත්සවයට සහභාගි විය.  

පර්යේෂණ සහ අනෙකුත් අධ්‍යයන කටයුතුවල නියැලී සිටින කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයින් සඳහා මෙම පහසුකම අමතර වාසියක් වනු ඇත.