නවතම ආරක්‍ෂක වර්ධනයන් හඳුනාගැනීම සඳහා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය වේදිකාවක් සකසයි - ආරක්‍ෂක ලේකම්

පෙබරවාරි 09, 2023

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණ සහ ආරක්‍ෂක අධ්‍යයනයන් මඟින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයට ජාතික ආරක්‍ෂක ප්‍රවේශයන් සහ නවතම ආරක්‍ෂක වර්ධනයන් සැකසීමට මඟ පෑදී ඇත.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මෙම අදහස් පළ කළේ අද (පෙබරවාරි 9) බත්තරමුල්ලේ පිහිටි ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයෙහි පැවති “Defence Review 2022”  එළිදැක්වීමේ උත්සවයේදීය.  

 “Defence Review 2022”, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයෙහි වාර්ෂික විද්වත් ජාත්‍යන්තර සඟරාව වන අතර, එමගින් ආරක්‍ෂාවට අදාල ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ කරුණු සාකච්ඡාවට බඳුන් කරයි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක ලේකම්වරයා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ‌ෙජනරාල් රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

රැස්ව සිටි පිරිස අමතමින් ආරක්‍ෂක ලේකම් ප්‍රකාශ කළේ “Defence Review 2022”, ජාතික ආරක්‍ෂාව පිළිබඳ සන්දර්භය තුළ හඳුනාගත හැකි මාතෘකා පිළිබඳ නිරවද්‍ය පර්යේෂණ ක්ෂේත්‍ර හඳුනාගැනීම සඳහා නිවැරදිව සකස් කර ඇති බවයි.

ආරක්‍ෂක පර්යේෂණ වෘත්තිකයන්ට විවිධ පර්යේෂණවලින් තම වටිනා සොයාගැනීම් ඉදිරිපත් කිරීමට මෙයින් පහසුකම් සැල‌ෙසන අතර, ක්ෂේත්‍රයේ සිටින නවකයන්ට තම දැනුම වැඩි දියුණු කර ගැනීමට දිරිගැන්වීමක්ද වනු ඇති බව ජෙනරල් ගුණරත්න වැඩිදුරටත් පැවසීය.
 
ඉංජිනේරු, නීතිය, භූගෝල විද්‍යාව, විද්‍යාව සහ භාෂා යන ක්ෂේත්‍රවල විද්වතුන් විශේෂිත මාතෘකා පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම සඳහා පාඨකයන් දැනුවත් කිරීමට දරණ උත්සාහය මෙහිදී අගය කළ ආරක්‍ෂක ලේකම්, මෙම කාර්යය සාම්ප්‍රදායික නොවන අවශ්‍යතාවයන් සහ මෙම සියවසේ ජාතික ආරක්‍ෂාවේ සැබෑ අර්ථය පිළිබඳ අවබෝධය සපුරාලන බව ද පැවසීය.

ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, සම්ප්‍රදායික ජාතික ආරක්‍ෂක සංවාදය දේශීය හා ගෝලීය විශේෂඥ දැනුමෙන් යුත් පුළුල් සහ සහයෝගී වේදිකාවක් බවට පරිවර්තනය කිරීමට මෙමගින් සහාය වනු ඇතැයි ආරක්‍ෂක ලේකම් අපේක්‍ෂා කරයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමියන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක සේවා) ජයන්ත එදිරිසිංහ, කර්තෘවරුන්, පර්යේෂකයන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු ආරාධිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.