අත්තනගලු ඔයේ අවහිරය හමුදා සහයෙන් ඉවත් කෙරේ

පෙබරවාරි 10, 2023

මංගලතිරිය ප්‍රදේශයේ අත්තනගලු ඔයේ බැම්මට ඉහලින් පිහිටි ගස් කඩා වැටීම හේතුවෙන් අතු, කොළ සහ පස් රැඳීමෙන් ජලය ගලා බැසීම අවහිර වී තිබූ ඔයේ එම අවහිරය අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුද හමුදා භට පිරිස් විසින් ඉවත් කිරීමට කටයුතු කරන ලදි.  

141 පාබල බලසේනාව යටතේ ඇති 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භට පිරිස්, නාවික හමුදාවේ නාවිකයින්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවකයින් එක්ව පෙබරවාරි 06 සහ 07 යන දිනයන්හිදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.