ආරක්‍ෂක ලේකම් රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ සංචාරයක

පෙබරවාරි 17, 2023

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබ 17) බත්තරමුල්ල සුහුරුපාය සංකීර්ණයේ පිහිටි රක්නා ආරක්‍ෂක ලංකා සමාගමෙහි සංචාරයක නිරතව එහි ප්‍රගතිය සමාලෝචනය කළේය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන රජය සතු ව්‍යාපාරයක් වන රක්නා ආරක්‍ෂක ලංකා සමාගම ප්‍රමුඛතම ආරක්‍ෂක සේවා සපයන්නෙකි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන) සමන් දිසානායක මහතා ඇතුළු රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.