අගමැති කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ යුද ස්මාරකය විවෘත කරයි

පෙබරවාරි 18, 2023

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද යුද ස්මාරකය ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඊයේ (පෙබ 17) විවෘත කරන ලදි.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මෙම අවස්ථාවට එක්ව සිටියේය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ කුරිරු ග්‍රහණයෙන් මාතෘභූමිය ආරක්‍ෂා කර ගැනීම සඳහා උත්තරීතර ලෙස තම ජීවිත පරිත්‍යාග කල කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ හි සියලුම රණවිරුවන්ට උපහාරයක් වශයෙන් නව යුද ස්මාරකය කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ දායකත්වයෙන් ඉදිකර ඇත.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ, උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හා නාවික හමුදාපතිවරුන්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, විශ්‍රාමික සහ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.