ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹට

පෙබරවාරි 20, 2023

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (පෙබ 19) කොළඹ වරායට සේන්දු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබූ මෙම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරනු ලබන්නේ  Captain Nopriadi, M. Tr. Hanla වේ.  

මීටර් 105.02 ක් දිග නෞකාවක් වන ‘KRI Raden Eddy Martadinata –  331’ නෞකාවේ නැව් මුළුව 138 ක ගෙන් සමත්විත වේ.

නිල සංචාරය නිමා කරමින් මෙම නෞකාව 2023 පෙබරවාරි මස 21 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිත බව නාවික හමුදාව පවසයි.