බදුල්ලේ ගින්න ගුවන් හමුදාව නිවා දමයි

පෙබරවාරි 20, 2023

කන්දෙපුහුල්පොල වනාන්තර ප්‍රදේශයේ හටගත් මහා පරිමාණ ලැව්ගින්නක් පසුගියදා මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ හදිසි ආපදා ප්‍රතිචාර කණ්ඩායම සහ සෙසු නිලධාරීන්ගේ සහය ඇතිව කන්දෙපුහුල්පොල වනයේ හටගත් මෙම ගින්න මැඩපවත්වා ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා සහය වන ලෙස බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කළ ඉල්ලීමකට අනුව නිලධාරීන් සහ ගුවන් භටයින් එම ස්ථානයට ගොස් ගින්න මැඩපැවැත්වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශ කළේය.