ශ්‍රී ලංකා නාවික හමුදාව මල්ලවපොර ශූරතාව දිනා ගනී

පෙබරවාරි 21, 2023

කොළඹදී පැවැති ජාතික මල්ලවපොර ශූරතාවලියේ, අඛණ්ඩව 20 වැනි වරටත් ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි මල්ලවපොර කණ්ඩායම සමත් වූ බව නාවික හමුදා මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.

සති අන්තයේ (2023 පෙබරවාරි 18 සහ 19) කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ තරඟාවලියේදී බර පන්ති කිහිපයක් නිමා කරමින් රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් සමඟින් එහි සමස්ථ ශූරතාව දිනාගැනීමට නාවිකයෝ සමත් වූහ.

මේ අතර, නාවික හමුදා කාන්තා කණ්ඩායම ද රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් නාවික හමුදාවේ සමස්ත පදක්කම් සටහනට එක්කල බවද එහි සඳහන් වේ.