74 වැනි ජාතික මල්ලවපොර කාන්තා ශූරතාව ගුවන් හමුදා කාන්තා කණ්ඩායම දිනා‍ගනී

පෙබරවාරි 22, 2023

කොළඹ ටොරින්ටන්හි ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පසුගියදා පැවති 74 වැනි ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් සමත්වූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් අඛණ්ඩව 6 වැනි වරටත් එහි ශූරියන් බවට පත් වූ බව ගුවන් හමුදාව පැවසීය.