සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව බීජ වර්ග නිපදවා ගන්නා ආකාරය පිළිබඳ වැඩසටහනක් පවත්වයි

පෙබරවාරි 24, 2023

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපෘතී සඳහා අවශ්‍ය කරනු ලබන බීජ වර්ග දෙපාර්තමේන්තුව තුළම නිපදවා ගැනීමට අවශ්‍ය මූලික දැනුම ලබාදීම සඳහා තෙදිනක වැඩමුළුවක් මෑතකදී මහඉලුප්පල්ලම සේවා සංරක්‍ෂණ අභ්‍යාස ආයතනයේ දී පවත්වන ලදි.
 
අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවාගේ උපදෙස් පරිදි අධ්‍යක්‍ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් අනුර දිසානායකගේ සම්බන්නධීකරණයෙන් උතුරුමැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂක සහ මහඉලුප්පල්ලම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකගේ මැදිහත්වීමෙන්  මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.

තවද ජේ‍්‍යෂ්ඨ මාණ්ඩලික නිලධාරි ව්‍යාපෘති මේජර් ජගත් විජේතුංග ඇතුළු කෘෂි ව්‍යාපෘතින් හි නියැලෙන සිවිල් ආරක්‍ෂක සාමජිකයින් 30 දෙනෙකු සහභාගී වූ අතර වැඩමුළුව අවසානයේ සේවා සංරක්‍ෂණ අභ්‍යාස ආයතනය මගින් සහතික පතක් ද පිරිනමන ලදි.