යුද හමුදා භට පිරිස් වැලිගම වෙරළ තීරය පිරිසිදු කරයි

පෙබරවාරි 27, 2023

ශ්‍රී ලංකා යුද හමුදාවේ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 613 පාබල බලසේනාව යටතේ ඇති 3 වන ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් පසුගියදා වැලිගම වෙරළ තීරය පිරිසිදු කරන ලදි.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

වැලිගම නගර සභා සේවකයන්, විදේශිකයන්, පදිංචිකරුවන්, වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ සිසුන් සහ දෙමාපියන් ද වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට එක්විය