ඉන්දු-ශාන්තිකර කලාපයට පොදු දැක්මක්

පෙබරවාරි 28, 2023

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය එක්ව සම්පාදනය කරන ලද “ඉන්දු-ශාන්තිකර කලාපයට පොදු දැක්මක්” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (පෙබරවාරි 27) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පවත්වන ලදි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් ශ්‍රි ලංකාවේ එක්සත් ජනපද තානාපති අතිගරු ජුලී ජේ. චංග් මැතිනිය වෙත මෙහි ප්‍රථම පිටපත පිළිගන්වන ලදි.

ඩැනියෙල් කේ. ඉනෝයේ ආරක්‍ෂක අධ්‍යන පිළිබඳ ආසියා-ශාන්තිකර මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ එක්සත් ජනපද නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් පීටර් ඒ. ගුමටාඕටාඕ විසින් උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකළේය.    

ආචාර්ය හරින්ද විදානගේ විසින් සංස්කරණය කරන ලද මෙම කෘතිය සඳහා කලාපීය විශ්ලේෂකයින් සහ එක්සත් ජනපද විශේෂඥයින් විසින් ඉන්දු ශාන්තිකර ක්‍රමෝපාය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විවිධ දෘෂ්ටිකෝණවල අදහස් සහිත ලිපි ඇතුළත් කර ඇති බව එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේය.