ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායට වසර 13ක් සපිරේ

මාර්තු 04, 2023

2009 අංක 41 දරන වෙරළාරක්‍ෂක පනත මගින් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය අද (මාර්තු 04) සිය 13 වන සංවත්සරය සමරයි.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ ආරම්භක අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වූ රියර් අද්මිරාල් එල් ඩී ධර්මප්‍රියගේ ප්‍රධානත්වයෙන් 2010 මාර්තු 4 වැනි දින ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සාම්ප්‍රදායාණුකුලව ආරම්භ කරන ලදි.

වෙරළාරක්‍ෂක බලකාය ආරම්භයේ සිටම තම හැකියාවන්, නිපුණතා සහ වත්කම් වර්ධනය කර ගනිමින් අද වන විට වෘත්තීය නාවික නීති බලාත්මක කිරීමේ ආයතනයක් බවට පරිණාමය වී ඇත.

සංවත්සර දිනයට සමගාමීව ආගමික කටයුතු වලට මුල්තැන දෙමින්, සමාජ සුභසාධනය සහ චාරීත්‍රාණුකුල සැමරුම් උත්සව රැසක් අද දිනයේ සංවිධානය කර ඇත.