රෝහල්වල අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට
ආසේමු - බටහිර භටපිරිස්වල සහයෝගය

මාර්තු 10, 2023

රෝහල්වල සුළු සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් අඩපණවූ අත්‍යවශ්‍ය සෞඛ්‍ය අඛණ්ඩව පවත්වාගැනීම සඳහා රෝහල් බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, 14 සහ 61 වන පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉකුත් බදාදා (08) දින සහයෝගය ලබාදුන්නේය.

ආරක්‍ෂක සේනා අඥාපති - බටහිර සහ 14 සහ 61 වන පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ඒ යටතේ ඇති බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් භටපිරිස් ලගම රෝහල වෙත යොමුකරන ලදී.

ඒ අනුව, 142 වන පාබල බලසේනාව යටතේ ඇති 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 143 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව, 144 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව, 14 වන පාබල සේනාංකය විසින් කොළඹ ජාතික රෝහල, කුරුණෑගල ශික්‍ෂණ රෝහල සහ මුල්ලේරියාව මානසික රෝහලේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය කටයුතු සඳහා සහය දක්වන ලදී.

ඒ අතරම, 61 වන පාබල සේනාංකය, 611 වන පාබල බලසේනාව සහ 8 වන ගැමුණු හේවා බලඇණිය යටතේ සේවයේ නියුතු භටපිරිස් පිළිවලින් බලංගොඩ මූලික රෝහල, ඇහැලියගොඩ මූලික රෝහල සහ කල්තෝටා රෝහලේ අත්‍යවශ්‍ය රාජකාරීන් ආවරණය කිරීම සඳහා සහය දක්වනු ලැබීය.

මෙම වැඩසටහන් අදාළ ඒකකයන්හී අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ දියත්කරන ලදී.

අනුග්‍රහය - www.army.lk