ශ්‍රී ලංකා යුධ හමුදාව ලේ පරිත්‍යාග කරයි

මාර්තු 14, 2023

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ බටහිර ආරක්ෂක සේනාව යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටයින් 100 කට අධික පිරිසක් පසුගියදා අවස්ථා දෙකකදී ලේ පරිත්‍යාග කළහ.

23 වන පාබල සේනාංකයේ  233 පාබල බලසේනාවේ 6 වන ගජබා රෙජිමේන්තුවේ හමුදා සාමාජිකයින් 80 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව  මඩකලපුව ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාග කර ඇති අතර, පිළියන්දල මාම්පේ ශ්‍රී විජයවර්ධනාරාම පුරාණ මහා විහාරස්ථානයේ පැවති ලේ දන්දීමේ වැඩසටහනකදී  බටහිර ආරක්‍ෂක සේනාවේ  142 පාබල බලසේනාවේ 7 වන  ගැමුණු හේවා බලඇණියේ  හමුදා සාමාජිකයින් 25 දෙනෙකු  ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව  ලේ පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය සදහන් කරයි.