ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල ශිෂ්‍ය නිලධාරීන්
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක

මාර්තු 17, 2023

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් අද (මාර්තු 17) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණෙන ලදි.

අනතුරුව ශිෂ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ උපදේශක කාර්ය මණ්ඩලය ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.