යුද හමුදාව ග්‍රාමීය පාසල් සිසුන්ට ලිපි ද්‍රව්‍ය බෙදා දෙයි

මාර්තු 20, 2023

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පෙරියමඩු මුස්ලිම් පාසලේ සහ තච්චන්මරදමඩු රජයේ දෙමළ මිශ්‍ර පාසලේ සිසුන් සඳහා අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ බෙදාදීම පසුගියදා පෙරියමඩු මුස්ලිම් පාසල් පරිශ්‍රයේදී සිදු කරන ලදී.

ඒ අනුව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ක්‍රියාත්මක වන 65 වන පාබල සේනාංකයට අයත් 653 වන පාබල බලසේනාවේ භටපිරිස් දානපතියන්ගේ අනුග්‍රහය ඇතිව මෙම වටිනා පරිත්‍යාගය සිදු කරන ලදී.

බලසේනාධිපති බ්‍රිගේඩියර් නාමල් සේරසිංහ විසින් මෙම උත්සවය සම්බන්ධීකරණය කළ බව ශ්‍රී ලංකා යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ, මඩු දේවස්ථානයේ පරිපාලක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පාසල් කාර්ය මණ්ඩලය සහ සිසුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.