ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව හමුදා සම්බන්ධතා නිලධාරි වැඩ භාර ගනී

මාර්තු 21, 2023

බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයි‌ජී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව හමුදා සම්බන්ධතා නිලධාරි ලෙස අද (මාර්තු 21) සුබ මොහොතින් වැඩ භාර ගන්නා ලදි.

මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර‌ හමුදා සම්බන්ධතා නිලධාරි තනතුරින් නික්ම යාමත් සමඟ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරි ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර හමුදා සම්බන්ධතා නිලධාරි තනතුර සඳහා පත් කරන ලදි.

බ්‍රිගේඩියර් වෙලගෙදර, වසර 33 කට අධික කාලයක් පුරා තම නොකැළැල් වෘත්තීය ජීවිතය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ තනතුරු වල සේවය කර ඇත.

හිටපු හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ශ්‍රී ලංකා යුද හමුදාවේ සිය නව තනතුර භාර ගැනීම සඳහා පිටත්ව යාමට පෙර ඊයේ සවස ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

එහිදී ආරක්‍ෂක ලේකම් නික්ම යන හමුදා සම්බන්ධතා නිලධාරිගේ සේවය අගය කළ අතර ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සිය උණුසුම් සුබපැතුම් ද එක් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් නානායක්කාර වෙත සමරු තිළිණයක් ද පිරිනැමිණි.

 

නව හමුදා සම්බන්ධතා නිලධාරී වැඩ භාරගැනීම

             

 

නික්ම යන හමුදා සම්බන්ධතා නිලධාරී ආරක්‍ෂක ලේකම්තුමන් හමුවීම