ගුවන් හමුදා සාමාජිකයින් රුධිරය පරිත්‍යාග කරයි

මාර්තු 22, 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදි.

කොළඹ ගුවන් හමුදා කඳවුරේ 63 වැනි සංවත්සරය නිමිත්තෙන් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සහාය ඇතිව මෙම ලේ දන්දීමේ ව්‍යාපාරය පැවැත්වුණු බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව කොළඹ 8 බොරැල්ල තන්නියාගම් දෙමළ විද්‍යාලයේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ද ගුවන් හමුදා සාමාජිකයින් විසින් පවත්වන ලදි.