යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් භාරතීපුරම් සිසුන්ට පාසල් උපකරණ

මාර්තු 22, 2023

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා භටපිරිස් විසින් කිලිනොච්චිය භාරතීපුරම් විද්‍යාලයේ සිසුන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදි.

9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය අත්තනගල්ල රජමහා විහාරවාසී බුකැන්දයායේ චන්දරතන හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් ‘ලක්දරු යාත්‍රාව‘ ව්‍යාපෘතිය යටතේ ලබාදී ඇත.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක් වූහ.