කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලෝක බැංකුවේ ආධාර ඇතුව නවීකරණය කිරීමට
සැලසුම් කරයි - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්

මාර්තු 23, 2023

• ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස අධ්‍යයනය සඳහා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවාවන් ආර්ථික අංශ රැසකට දැඩි බලපෑමක් ඇති කරන අතර රජය සෑම විටම මෙම අංශයට ප්‍රමුඛත්වයක් ලබාදී ඇත. ආපදාවලට මුහුණදීමට සහ අවම කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනය අත්‍යවශ්‍ය වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලෝක බැංකු ව්‍යාපෘතිය සමග එක්ව නවීකරණය කිරීමට රජය තීරණය කර ඇති බව අද (මාර්තු 23) කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේදී පැවැති උත්සවයකදි ප්‍රකාශ කළේය.

 ‘The Future of Weather, Climate and Water Across Generation’ යන තේමාව යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද 2023 ලෝක කාලගුණ විද්‍යා දින සමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහභාගි විය.

කෘෂිකර්මාන්තය, විදුලිබලය, ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය වැනි අනෙකුත් ක්ෂේත්‍ර සඳහා විශාල වශයෙන් භාවිතා වන කාලගුණ අනාවැකි සැපයීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම සහ මූල්‍යමය වශයෙන් එහි දායකත්වය මැනිය නොහැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

වෙනස්වන දේශගුණික හා භූගෝලීය පරිසරයක ශීඝ්‍රයෙන් නැගී එන පදිංචිකරුවන් සහිත උස් ගොඩනැගිලි වල සම්මත ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ කාලෝචිත වැදගත්කම ද රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා පෙන්වා දුන්නේය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සාම්ප්‍රදායික භූමිකාවක් තුල නව අභියෝග භාර ගැනීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඵලදායී ලෙස පරිණාමය වී ඇති අතර ආපදා කළමනාකරණ බලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව ඕනෑම ව්‍යසනයකට හෝ හදිසි අවස්ථාවකට මුහුණ දීමට සූදානම්ව සිටින බවයි.

භූ විද්‍යාත්මක කැළඹීම් පුරෝකථනය කිරීම අපහසු වුවත් එවැනි ආපදාවලින් සිදුවන හානිය අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා සහයෝගයෙන් සහ කැපවීමෙන් අප දිගටම කටයුතු කළ යුතුයැයි ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස එක්වු ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එම ස්ථානයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පිළිගන්නා ලදි.

තේමාත්මක දේශනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.ඩී.සුජීව මහතා විසින් සිදු කරන ලදි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙහි අධ්‍යක්ෂ ජෙනරාල්වරු, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1950 මාර්තු 23 දින ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පිහිටුවීමේ සම්මුතිය සිහිකරමින් සෑම වසරකම මාර්තු 23 දින ලෝක කාලගුණ විද්‍යා දිනය සමරනු ලබයි.