පරිසරය සහ එහි අනාගතය කෙරෙහි ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පාඨමාලා හදාරන්නන‍්ගේ විශේෂ අවධානය

මාර්තු 24, 2023

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පාඨමාලා හදාරන්නන් සඳහා මහාචාර්ය සරත් කොටගම මහතා විසින් පසුගියදා (22) කොළඹ 03, ගාලු පාරේ පිහිටි විද්‍යාල පරිශ්‍රයේදී ආරාධිත දේශනයක් පවත්වන ලදි.
 
කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා අංශයේ සම්මානනීය මහාචාර්යවරයා ලෙස කීර්තිමත් මහාචාර්ය කොටගම මහතා ස්වභාවධර්මය සහ වන ජීවීන් පිළිබඳ මාර්ගෝපදේශ රැසක් හඳුන්වා දෙමින් රජයේ ප්‍රතිපත්ති සැලසුම්කරණයට ද ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.
 
මහාචාර්යවරයා, ශ්‍රී ලංකාවේ පරිසරය අනාගතයේදී ආරක්‍ෂා කිරීමට අවශ්‍ය දැනුම බෙදාදුන් අතර, පාඨමාලා හදාරන්නන් සමඟ ඵලදායී සාකච්ඡාවක් ද පැවැත් වූ බව ජාතික ආරක්‍ෂක විද්‍යාල ආරංචි මාර්ග පැවසීය.
 
ජාතික ආරක්‍ෂාව සහ උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාවේ විෂය මාලාවට අනුකූලව සංවිධානය කල මෙම අවස්ථාවට මහාචාර්යවරයා සහභාගී වූ බව ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
 
ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් මහාචාර්යවරයා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදි.
 
එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක විසින් මහාචාර්ය කොටගම මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි.