ආරක්‍ෂක සේවා මෝටර් රථ ධාවන ශූරතාවලිය - 2023 වැලිසරදී පැවැත්විණි

මාර්තු 24, 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන ආරක්‍ෂක සේවා මෝටර් රථ ධාවන තරඟාවලිය - 2023 පසුගියදා 12 වන වරටත් කොළඹ සුපර් ක්‍රොස් ධාවන පථය පිහිටි වැලිසරදී පැවැත්විණි.

ත්‍රිවිධ හමුදාවේ යතුරුපැදිකරුවන් 18 දෙනෙකු තරඟ වැදුණු මෙම ශූරතාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන සහභාගී විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ යතුරුපැදි ධාවකයින් විසින් ශූරතාව දිනාගත් අතර ගුවන් හමුදාවට අනුශූරතාව හිමි වූ බව ශ්‍රී ලංකා යුධ හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.