මඩකලපුව දිස්ත්‍රික්කයේ රණවිරුවන්ගේ ගැටළු නිරාකරණයට ජංගම වැඩසටහනක්

මාර්තු 27, 2023

රණවිරුවන්ගේ ගැටළු නිරාකරණය කිරිම සඳහා රණවිරු සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන දිස්ත්‍රික් ජංගම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගියදා මඩකලපුවේදී පැවැත්වීය.

මඩකලපුව දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින රණවිරු සංසද නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩ සටහනේ දී ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම සිදුකරන ලදි.

මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධානම අරමුණ වන්නේ දිවයින පුරා විසිරී සිටින රණවිරු සේවා අධිකාරියට පැමිණීමේ අපහසුතාවන් පවතින රණවිරුවන්ගේ ගැටලු නිරාකරණය කර දීම සඳහා ඔවුන් වෙතට ගොස් අවශ්‍ය සියලු කටයුතු සිදුකිරීම බව රණවිරු සේවා අධිකාරිය පවසයි.

රණවිරු සේවා අධිකාරියේ  සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන්, මඩකළපුව දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්, පළාත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු වැඩසටහන් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම ජංගම වැඩසටහට සහභාගි විය.