සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස
රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන (විශ්‍රාමික) පත් වේ

අප්‍රේල් 04, 2023

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන (විශ්‍රාමික) පත් කර ඇත.

ඒ අනුව, රියර් අද්මිරාල් සුදර්ශන, අද (අප්‍රේල් 04) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව, ආරක්‍ෂක ලේකම්තුමන් රියර් අද්මිරාල් සුදර්ශන වෙත නව පත්වීම පිළිබඳව සිය සුබපැතුම් එක් කළේය.

ඔහු, හිටපු අතිරේක අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වූ රියර් අද්මිරාල් UI සේරසිංහ වෙනුවට පත් කරන ලදි. 

රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35කට වැඩි කාලයක් සේවය කර ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.