ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්යමණ්ඩලයට සේවා වනිතා ඒකකයෙන් වියළි සලාක මල්ලක්

අප්‍රේල් 11, 2023

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද සෙසු සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා වියළි සලාක ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (අප්‍රේල් 11) අමාත්‍යාංශයේ දී සිදු කරන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයෙහි සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මියගේ උදාර සංකල්පයක් මත මෙම උත්සවය සංවිධානය කර තිබු අතර ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ද මෙම අවස්ථාවට සහභාගී විය .

උත්සව සමයේ අමාත්‍යාංශ කාර්යමණ්ඩලය දිරිගැන්වීමක් ලෙස එහි සේවයේ නියුතු රියදුරන්, කාර්යාල කාර්ය සහායකයින්, සුළු සේවක මහත්ම මහත්මීන් ඇතුළු 200 කට අධික පිරිසකට මෙම වටිනා වියළි සලාක ප්‍රදානය සිදු කෙරිණි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් ද එක්ව සිටියහ.