ශ්‍රී ලංකා යුධ හමුදා ධාවකයින් මාගස්තොට කඳු තරණයේදී ජයග්‍රහණ ලබා ගනී.

අප්‍රේල් 12, 2023

පසුගියදා නුවරඑළියේ පැවති මාගස්තොට කඳු තරණය ධාවන තරඟයේ පදක්කම් සටහනට ඇතුලත් වීමට ශ්‍රී ලංකා යුධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමත් වූ අතර ඔවුන්  යතුරුපැදි ධාවකයින් සිය ගණනක් පරදවා ඉසව් තුනකින් ජයග්‍රාහී ස්ථාන දිනා ගත් බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

යුධ හමුදා පොලිස් හේවා  බලකායේ කෝප්‍රල්  බී.අයි  මධුරංග SM-Super Motard 250/450 cc විවෘත ඉසව්වෙන් ප්‍රථම ස්ථානය හා  Sport Touring 600cc විවෘත ඉසව්වේන්  3 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ඉංජිනේරු සේවා බළකායේ කෝප්‍රල් ජේ.එම්.එස්. ජයලත් 125 cc සිට 250 cc දක්වා (speed trail bike) විවෘත ඉසව්වෙන්  තෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත් වූ අතර  ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබල එල්.බී.ඩී සෙනෙවිරත්න SM - Super Motard 250/450 cc විවෘත ඉසව්වෙන් තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වූ බව එහි සඳහන් වේ.
 
මහගස්තොට කඳු තරණය ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක සිට පැවතගෙන එන  මෝටර් රථ ක්‍රීඩා ඉසව්වකි. එය කඳුකර නුවරඑළියේ 'අප්‍රේල් සමයේදී' අවුරුදු නිවාඩු කාලයත් සමග පවත්වනු ලැබේ.