2023 ජාතික දුනු විදීමේ ශූරතාවලියේදී ගුවන් හමුදා දුනුවායන්හට ජය

අප්‍රේල් 12, 2023

පසුගියදා පැවති 21 වැනි ජාතික දුනු විදීමේ ශූරතාවලියේ පදක්කම් කිහිපයක්ම ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා දුනු ශූරීන් සමත් විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ, 2023 අප්‍රේල් 06 වැනි දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති ශූරතාවලියේදී මීටර් 70 රිකර්ව් කණ්ඩායම් ඉසව්වෙන් පළමු ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පත්වූ බවයි.

ඒ අනුව පහත සඳහන් ගුවන් හමුදාවේ දුනුවායන් මෙවර ජාතික ශූරතාවලියේ ස්ථාන දිනා ගත්හ.

රිකර්ව් මීටර් 70 කාන්තා ඒකල ඉසව්ව - රිදී පදක්කම

කෝප්‍රල් උදයංගනී යූ.ඒ.එන්

රිකර්ව් මීටර් 70 කාන්තා ඒකල ඉසව්ව - ලෝකඩ පදක්කම

නායක ගුවන් කාන්තා ආරියරත්න ඩී.එස්.එල්

කාන්තා රිකර්ව් මීටර් 70 කණ්ඩායම් ඉසව්ව - රන් පදක්කම

කෝප්‍රල් උදයංගනී යූ.ඒ.එන්

කෝප්‍රල් එදිරිසිංහ ඊ.එම්.බී.සී

නායක ගුවන් කාන්තා සිල්වා එම්.එච්.එම්

කාන්තා රිකර්ව් මීටර් 70 කණ්ඩායම් ඉසව්ව - ලෝකඩ පදක්කම

නායක ගුවන් කාන්තා චතුරිකා එම්.එ.ඩී.ඩී

නායක ගුවන් කාන්තා ආරියරත්න ඩී.එස්.එල්

නායක ගුවන් කාන්තා සෙයිනාරත්න ජී.ජී.එස්.එස්

රිකර්ව් මීටර් 70 මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව - ලෝකඩ පදක්කම

නායක ගුවන් භට අතපත්තු ඒ.එම්.එස්.එස්

නායක ගුවන් කාන්තා ආරියරත්න ඩී.එස්.එල්

රිකර්ව් මීටර් 70 පිරිමි කණ්ඩායම් ඉසව්ව ලෝකඩ - පදක්කම

සැරයන් කුමාරසිංහ එස්.ජී.ඩී.පී

නායක ගුවන් භට අතපත්තු ඒ.එම්.එස්.එස්

නායක ගුවන් භට තිලකරත්න යූ.එස්.පී