වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ධර්ම දේශනාවක්

මැයි 04, 2023

එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් විශේෂ ධර්ම දේශනාවක් අද (මැයි 04) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම ධර්ම දේශනාව සදහා උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වැඩම කල අතර උන්වහන්සේගේ ධර්ම දේශනාව සඳහා අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් බැති සිතින් සහභාගී විය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් උන්වහන්සේව වැඩම කරවූ අතර ආගමික චාරිත්‍රානුකූලව ධර්ම දේශනාව පවත්වන ලෙසට උන්වහන්සේට ආරාධනා කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මැතිනිය, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හමුදා සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.