ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාට රණවිරු සැමැරුම් කොඩිය පළඳවයි

මැයි 08, 2023

රණවිරු සැමැරුම් කොඩිය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා වෙත අද (මැයි 08) දින පළඳවන ලදි.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ප්‍රමුඛ නියෝජිත පිරිසක් අද පෙරවරුවේ කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා වෙත රණවිරු සැමරුම් කොඩිය පළඳවන ලදි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) සහ බ්‍රිගේඩියර් රොෂාන් තිරිමාන්න යන නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.